දින 07 කට ගෑස් අනතුරු 430 ක් - සියයට 53 ක්ම ගෑස් කාන්දුවීම්

මෙරට සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලිවලින් සියයට 53 කට වැඩි ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි බව ගෑස් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුව පවසා ඇත.
ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබද විමර්ශනය කිරීම හා ඒ පිළිබද විසදුම් සෙවීමේ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ පැවසුවේ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලි 458 ක් ඉකුත් ඉරිදා දින වනවිට ලැබී තිබූ බවයි.
ඉන් පැමිණිලි 430ක්ම ලැබී ඇත්තේ නොවැම්බර් 29 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වායි.
අදාළ කාලය තුළ පමණක් ගෑස් කාන්දුවීම සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 227 ක්.
පැමිණිලි 174 ක් ලැබී ඇත්තේ ගෑස් ලිපෙහි මුහුණත බිඳීයාම් හා ගෑස් ලිප් පුපුරායාම් සම්බන්ධයෙන්.
788 Views
Comments