මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තිදෙනාගේ මළ සිරුරු හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තිදෙනාගේ මළ සිරුරු හමුවෙයි

මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තිදෙනාගේ මළ සිරුරු හමුවෙයි

මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් අතුරුදහන් වූ තරුණයින් තිදෙනාගෙන් දෙදෙනකුගේ මළසිරුරු ඊයේ (06) පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණේ වවුනියාව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් තිදෙනෙකි. 

 

ඒ අනුව ඊයේ(06) උදෑසන එම තරුණයින් තිදෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු මෙලෙස සොයාගැනුණු බව මුලතිව් පොලිසිය පවසයි.

 

මෙම තරුණයින් තිදෙනාගෙන් ෂිවලිංගම් අකිලන් නමැති 26 හැවිරිදි තරුණයාගේ මළ සිරුර පෙරේදා (05) සොයාගැනුණු අතර අනෙක් තරුණයින් දෙදෙනා වූ 27 හැවිරිදි මනෝහරන් අනුදස් සහ 26 හැවිරිදි විජයකුමාර් දර්ශන් යන අයගේ මළ සිරුරු ඊයේ(6) සොයා ගැනිණි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

views

741 Views

Comments

arrow-up