කණක් වෙන් වෙන්න සපා කෑ මිනිස් සුනඛයාට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

කණක් වෙන් වෙන්න සපා කෑ මිනිස් සුනඛයාට ඇප

කණක් වෙන් වෙන්න සපා කෑ මිනිස් සුනඛයාට ඇප

පුද්ගලයකුගේ කනක් වෙන් වෙන්න සපා කෑ සැකකරුවෙකු රුපියල් ලක්ෂ පහක ශරිර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (05) නියෝග කළේය. 

 

මෙලෙස ඇපමත මුදා හැර ඇත්තේ හික්කඩුව, වවුලගොඩ පදිංචි කිංස්ලි රන්ජන් සුබසිංහ නමැති සැකකරුවෙකි.

 

සැකකාර පුද්ගලයා 04 වනදා සවස හතරට පමණ හික්කඩුව වෙරළේදී පුද්ගලයෙකුට බිම පෙරළා ගෙන පහරදෙනු දුටු ජීවිතාරක්ෂක මුරපළේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට ගොස් සැකකරුගේ අතින් ඇද ඉවත් කර තිබෙන අතර පහරකා බිම වැටි සිටි පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ දකුණු කන සම්පූර්ණයෙන්ම සපා කා දමා තිබීම හේතුවෙන් වෙන්වු කනත් සමඟ වහාම ආරච්චිකන්ද රෝහලට යවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

 

සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසුවේ තුවාලකරු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. 

 

සැකකරුගේ නීතිඥයා සඳහන් කර සිටියේ මෙය මුදල් ආරවුලක් මත සිදුව ඇති බවත් තුවාලකරු සැකකරුගෙන් ලබාගත් ණය මුදලක් ඉල්ලූවිට දෙදෙනා අතර ආරවුලක් ඇතිවූ බවත් එම අවස්ථාවේ දෙදෙනාම බිම වැටුන පසු් බේරීමට කණෙන් ඇල්ලූ විට කන තුවාල වී ඇති බවත්ය.

views

708 Views

Comments

arrow-up