ITN මහ පුටුව නිරෝශන් ප්‍රේමරත්නට

ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා රජය සතු ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
නිරෝෂන් ප්‍රේමරත්න මහතා දේශපාලනයට පිවිසීමට පෙර එම ආයතනයේම නිවේදකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළා.
පසුව ජාතික නිදහස් පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වුණා.
නමුත් පසුගිය මහමැතිවරණයේදී ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්වුණා.
ඒ සම්බන්ධයෙන් දැඩිලෙස සිත් තැවුලට පත්ව සිටි නිරෝෂන් මහතා දේශපාලන කටයුතුවලින්ද මදක් ඈත්වී සිටියා.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ඥාති පුත්‍රයෙකු වන නිපුන රණවක මහතා මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් කර නිපුන රණවක, ඩලස් අලහප්පෙරුම හා කාංචන විජේසේකර යන මන්ත්‍රීවරුන්ගේ මැතිවරණය ව්‍යාපාරවලට පමණක් රාජපක්ෂවරු උදව් උපකාර කිරීම නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ පරාජයට හේතුවූ බව එකල මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස ඔහු අද (04) දිනයේ වැඩ භාරගැනීමට නියමිතයි.
728 Views
Comments