ඔයාල වරදක් කරනවා - ජනපති,ඇමැති තිදෙනාට දෙහි කපයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

ඔයාල වරදක් කරනවා - ජනපති,ඇමැති තිදෙනාට දෙහි කපයි

ඔයාල වරදක් කරනවා - ජනපති,ඇමැති තිදෙනාට දෙහි කපයි

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළා.

 

 

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බවද ඔහු සඳහන් කළා.

 

 

එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට්තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

views

973 Views

Comments

arrow-up