කොළඹ වරාය නගරය ජනතාවගෙන් පිරෙයි

ඉකුත් ජනවාරි 9 වනදා විවෘත කෙරුණු කොළඹ වරාය නගරයේ මැරීනා කලාපය, ඊට පසු දින සිටම නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව හිමි විය.
ඒ අනුව අද දිනයේත් උදෑසන 9ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම් දොරටුව විවෘතවීමටත් පෙර සිට ජනතාව පෝලිම්වල රැඳී සිටියහ.
ගෙවුණු දින 7 තුළදී පමණක් කොළඹ වරාය නගර පරිශ්‍රයට විසි දහසකට වැඩි පිරිසක් පැමිණ තිබූ බව වාර්තා විය.
දීර්ඝ සති අන්තයක් වූ මේ දින කිහිපයේ පස්වරු කාලයේදී විශාල පිරිසක් මැරීනා කලාපයට පැමිණ තිබුණු අයුරු දක්නට ලැබුණි.
663 Views
Comments