ඔක්ටේන් 92 වෙනුවට ඔක්ටේන් 91 පෙට්‍රල් ගෙන්වලාලු - ගැහුවොත් ජපන් වාහන ඉවරලු‍
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

ඔක්ටේන් 92 වෙනුවට ඔක්ටේන් 91 පෙට්‍රල් ගෙන්වලාලු - ගැහුවොත් ජපන් වාහන ඉවරලු‍

ඔක්ටේන් 92 වෙනුවට ඔක්ටේන් 91 පෙට්‍රල් ගෙන්වලාලු - ගැහුවොත් ජපන් වාහන ඉවරලු‍

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් ගෙන්වා ඇති බවත් එය මෙරට ඇති ජපන් වාහනවලට ඔරොත්තු නොදෙන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේය.

 

ඒ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් පමණක් ගෙන්වන බවත් කිසි විටෙකත් 91 වර්ගයේ පෙට්‍රල් ගෙන්වීමක් සිදුකර නොමැති බවත්ය.

 

ඒ සම්බන්ධයෙන් ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් ගෙන්වා ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රසිද්ධ කර ඇති බවත් ඔක්ටේන් 91 පෙට්රල් ලාභදායී වුවත් එය ඉන්දියානු වාහනවලට ගැළපුණද මෙරට ජපන් වාහනවලට ඔරොත්තු නොදෙන බවත්ය.

views

1759 Views

Comments

arrow-up