එක් ඩොලරයක්වත් ලබාදී නෑ - කන්ටේනර් තවමත් වරායේ

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස්කර ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් එක ඩොලරයක්වත් ලබාදී නැතැයි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.
ලබාදී තිබෙන පොරොන්දුව ඉටුකරන තෙක් බලා සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
ඒ ඒ කන්ටේනර් හිමි ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ට කළ හැකි ක්‍රම හරහා කන්ටේනර් එක දෙක නිදහස් කරගන්නා බවද ඒ මහතා කියා සිටියේය.
“ඩොලර් ප්‍රශ්නය උග්‍රයි. පොරොන්දු වූ පරිදි ඩොලර් ලබාදෙනතුරු බලා සිටිනවා” යැයිද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
721 Views
Comments