සොත්ති උපාලි නැවතත් කරලියට

ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලි නැමැත්තාගේ ඥාතියෙකු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා හෙරොයින් සමග වැල්මිල්ල කැන්දලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ මෙම සැකකරු ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලි නැමැත්තාගේ බෑණා වන බවය.
සැකකරු, තවත් පුද්ගලයෙකු හමුවීමේ බලාපොරොත්තුවෙන් කැන්දලන්ද ප්‍රදේශයේ රැඳී සිටින බවට බණ්ඩාරගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරයි.
1227 Views
Comments