JAN
25
ඔමික්‍රෝන් රජ ගමනක යද්දී ඊයේත් මෙරටින් කොවිඩ් මරණ 14ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(24) කොවිඩ් ආසාදිත මරණ 14ක් වාර්තා කර තිබේ.
මෙම මරණ ඊයේ(24) දිනයේ සිදුවූ ඒවා වන අතර එම මරණ සංඛ්‍යාවත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,313ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් ආසාදිතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 210 සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.
එසේ සුවය ලැබූ පිරිසත් සමඟ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 576,324 ක් දක්වා වැඩි විය.
මේ අතර මේ වන විට මෙරටින් වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ බහුතරය ඔමික්‍රොන් ආසාදිතයින් බව හඳුනාගෙන ඇත.
707 Views
Comments