“ශ‍්‍රී ලංකා රජයට වඩා ශ‍්‍රී ලංකාව හොඳින් පාලනය කරන්න බංග්ලාදේශයට පුලුවන්”- බංග්ලාදේශ මාධ්‍ය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

“ශ‍්‍රී ලංකා රජයට වඩා ශ‍්‍රී ලංකාව හොඳින් පාලනය කරන්න බංග්ලාදේශයට පුලුවන්”- බංග්ලාදේශ මාධ්‍ය

“ශ‍්‍රී ලංකා රජයට වඩා ශ‍්‍රී ලංකාව හොඳින් පාලනය කරන්න බංග්ලාදේශයට පුලුවන්”- බංග්ලාදේශ මාධ්‍ය

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නිසි දැනුමක් නොමැතිකම පෙන්නුම් කරන බව බංගලාදේශ මාධ්‍ය පවසයි.


ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධව තැතිගන්වන සුළු තත්ත්වයක් පෙන්නුම් කරමින් ඇති බවද “ඩකා ටි‍්‍රබියුන්” පුවත්පතේ වාර්තාවක දැක්වේ.


ශ්‍රී ලංකාවට මේවන විට ඇති වී තිබෙන විදේශ විනිමය හිඟය ගැනද අදහස් පළ කරන එම වාර්තාවේ දැක්වෙන්නේ විදේශ විනිමය මිල රජය විසින් නියාමනය කිරීමට උත්සාහ කිරීම මීට හේතු වී ඇති බවයි.

 

අවශ්‍ය තරම් විදේශ විනිමය ලබා ගැනීම සඳහා කළ යුත්තේ ඒ සඳහා ගෙවීමට අවශ්‍ය වන රුපියල් ගණන වෙනස් කිරීම පමණක් බවද එම වාර්තාවේ සඳහන්වෙ.

 

පවතින තත්ත්වය මත පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ රජයට වඩා ශ්‍රී ලංකාව පාලනය කිරීමට බංග්ලාදේශයට සුදුසුකම් ඇති බවත් අවාසනාවකට ජාත්‍යන්තර තත්ත්වය අනුව යටත්විජිත සංකල්පය තව දුරටත් සිදු නොවන බවත් ඔවුන් පවසයි.

 

 

views

748 Views

Comments

arrow-up