DEC
25
බූස්ටරය නාසයෙන් ලබාදීමට අවසර ඉල්ලයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ලබාදෙන තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත නාසය මඟින් ලබාදීමට අදාල සායනික පරීක්ෂණ සඳහා ඉන්දීය භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම එරට ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.
ඒ සඳහා කොවිෂීල්ඩ් හෝ කොවැක්ස් එන්නත යොදාගැනීමට නියමිතව ඇත.
කොවිඩ් පාලන දෙවැනි එන්නතද නාසය මඟින් ලබාදීමට භාරත් බයෝටෙක් සමාගම මීට පෙර අවසර ඉල්ලා තිබුණි.
භාරත් සමාගම වොෂින්ටන් හි ශාන්ත ලුයිස් විශ්ව විද්‍යාලයේ ඖෂධ තාක්ෂණය සඳහා වූ බලපත්‍ර ලාභී සමාගමක්වේ.
710 Views
Comments