දක්ෂිණ අධිවේගයේ වාහන තුනක් ගැටී තුනකට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

දක්ෂිණ අධිවේගයේ වාහන තුනක් ගැටී තුනකට තුවාල

දක්ෂිණ අධිවේගයේ වාහන තුනක් ගැටී තුනකට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී ඊයේ(17) රාත්‍රියේ පෞද්ගලික බස් රථයක් ඇතුළු වාහන තුනක් එකිනෙක ගැටී තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

 

මාතර සිට කඩවත බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක පසුපස ගැටීමෙන් එම ජීප් රථය වම් අත දිසාවට ඇදී ගොස් කොළඹ දෙසට ගමන් ගත් මෝටර් රථයක ගැටී එම මෝටර් රථය මාර්ගයට විසිවීමෙන් අනතුරුව නැවතත් බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

 

මෝටර් රථය බස් රථයට සහ ජීප් රථයට සිරවී තිබූ බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

සිදු වූ අනතුර සමඟ බස් රථය මාර්ගය මැද ආපදාවට ලක් වීමෙන් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වලට දැඩි බාධාවක් ඇති වූ අතර ඒ හේතුවෙන් එක් මංතීරුවක මීටර් කීපයක් වසා තැබීමට සිදුවිය .

 

එම අනතුර හේතුවෙන් ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන කිලෝමීටර් ගණනාවක් ඈතට පෙළගැසී තිබෙන අයුරු දක්නට ලැබිණි.

 

අනතුරින්  වාහන තුනටම දැඩි අලාභ සිදු වී තිබිණි.

views

676 Views

Comments

arrow-up