ලබන වසරේ ජනතාව උඩින් යවන වැඩපිළිවෙළක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ලබන වසරේ ජනතාව උඩින් යවන වැඩපිළිවෙළක්

ලබන වසරේ ජනතාව උඩින් යවන වැඩපිළිවෙළක්

ලංකාවේ සංචාරක කර්මාන්තයට නව පුනරුදයක් ලබාදෙමින්  පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ ආරම්භ කිරීමේ ව්‍යාපෘතියකට ස්විස්ටර්ලන්තයේ ආයෝජකයකු සමග ගිවිසුමකට අත්සන් කළේය.

 

නාගරික සංවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍යාංශය හා සංචාරක මණ්ඩලය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ .

 

පරිසරයට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක්  ඈතින් පිහිටි නුවරඑලිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

ආරම්භ කර දිනයේ සිට මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි .

views

749 Views

Comments

arrow-up