කොළඹට ජළය කැපේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

කොළඹට ජළය කැපේ

කොළඹට ජළය කැපේ

කොළඹ ප්‍රදේශ රැසකට අද (18) රාත්‍රී 11 සිට පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

රාත්‍රී 11 සිට ඉරිදා පෙරවරු 8 දක්වා එම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

 

කොළඹ 09,10,11,12,13, සහ 14 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

මහ කොළඹ ජල සහ අපජල කළමණාකරණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය පැවසුවේය.

views

797 Views

Comments

arrow-up