සබරගමුව සරසවිය යළි විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

සබරගමුව සරසවිය යළි විවෘත කෙරේ

සබරගමුව සරසවිය යළි විවෘත කෙරේ

සිසු ගැටුමක් හේතුවෙන් වසා දැමූ සබරගමුව විශ්වවිද්‍යාලය අද (07) සිට විවෘත කරන බව උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පවසා සිටී.

 

ව්‍යවහාරික විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් නේවාසිකාගාරවලට කැඳවා ඇති අතර අනෙකුත් පීඨවල ජ්‍යෙෂ්ඨ සිසුන් ද ඉදිරියේ දී කැඳවන බවත් උපකුලපතිවරයා වැඩි දුරටත් පවසා සිටී.

 

ඉකුත් පෙබරවාරි මස 16 වැනිදා ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින්  ව්‍යවහාරික විද්‍යාපීඨයේ පළමු වසර සිසුන් පිරිසකට  කළ පහර දීමෙන් පසු ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා විශ්වවිද්‍යාලය තහනම් භූමියක් කරන ලදී.

 

එම පහර දීමෙන් සිසුහු නව දෙනෙක් තුවාල ලබා තිබේ.

views

331 Views

Comments

arrow-up