ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුද නොදෙන බවට ඇමති දේවානන්ද කියයි

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසන්නේ, ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුදේ ධීවර කටයුතු සඳහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් රජය තීරණයක් ගෙන නොමැති බව යි. ඇමැතිවරයා තරයේ ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට සහ ධීවරයන්ට බලපාන කිසිදු අහිතකර තීරණයක් නොගන්නා බවයි.
දේවානන්ද මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, පසුගිය කාලයේ චීන බලධාරීන්ට ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයේ මුහුදු කූඩැල්ලන් වගාව සඳහා අවසරය දී ඇති බවත්, චීනයට උතුරු මුහුද විකිණීමට යන බවත්, ඇතැම් දේශපාලන කුමන්ත්‍රණකාරීන් විසින් ප්‍රචාරය කළ ඒවා බවයි.
ඔවුන් ඉන්දියානු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් බෑමට ඉඩදෙන බවට ප්‍රචාරය කරමින් රාජ්‍ය විරෝධී මතවාද ප්‍රකාශ කරමින් සිටින බවත්, එය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවත් ධීවර ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
227 Views
Comments