රජයේ පාසල් වල විදුහල්පති පුරප්පාඩු 4800ක් පිරවීමට අනුමැතිය

විදුහල්පති පුරප්පාඩු 4800ක් පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබෙන බව වාර්තා වේ.
මෙම සතියේ සිට ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර මේ සඳහා දසදහසක් පමණ අයදුම් කර තිබෙන බව සඳහන් වේ.
මෙම පුරප්පාඩු පිරවීමට අවසර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම දිගින් දිගට ම ප්‍රමාද වීමත්, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී සිය විරෝධය පළ කිරීමත් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊට අනුමැතිය ලබා දී තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.
208 Views
Comments