ගල් අඟුරු නෞකා දෙකට තවමත් මුදල් ගෙවා නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

ගල් අඟුරු නෞකා දෙකට තවමත් මුදල් ගෙවා නැහැ

ගල්  අඟුරු නෞකා දෙකට තවමත්  මුදල්  ගෙවා නැහැ

මෙරටට ළඟා වූ ගල් අඟුරු නෞකා දෙකකට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වී තිබේ. පසුගිය සෙනසුරාදා සහ සිකුරාදා පැමිණි නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකි වී ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේය.

 

ඊයේ (13) මෙම නෞකා දෙකට පෙර පැමිණි නෞකාවේ ගල් අඟුරු තොග ගොඩ බා අවසන් කර ඇත. ලංකා ගල්  අඟුරු සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ගල් අඟුරු මිලදී ගැනීම වෙනුවෙන්, ඊයේ විදුලි බල මණ්ඩලය මුදල් ප්‍රමාණයක් ලබා දුන්න ද එය ඊට ප්‍රමාණවත් නොවන බව යි.

views

205 Views

Comments

arrow-up