අප්‍රේල් මාසය තෙක් ඛණිජ තෙල් හිඟයක් නැත

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, අප්‍රේල් මාසය වන තුරු තමන් සතුව ප්‍රමාණවත් බොරතෙල් තොග පවතින බව යි. මේ වනවිට දිනකට සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන බැරල් 30,000 ක් පමණ පිරිපහදු කර නිකුත් කරන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. තවදුරටත් ඔහු සඳහන් කළේ, රුපියල් මිලියන 800 ක ඉන්ධන තොග ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ය.
එම ඉන්ධන තොග සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පසුව මුදල් ගෙවන බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා, ඩිසල් සහ තවත් ඉන්ධන වර්ග කිහිපයක් විදුලි බල මණ්ඩලයට ලබාදෙනු ලබයි. ඔහු සඳහන් කළේ, අතිරික්ත පිරිපහදු ඉන්ධන තොග ගබඩා කරමින් සිටින බව ය. ගබඩා කරන පිරිපහදු ඉන්ධන තොග නැව් මගින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට යොමු කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා පැවසුවේය.
207 Views
Comments