බිම ඇමදීමට අණ කළැයි උරණ වී නායක හිමියන් මරන්න හදලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

බිම ඇමදීමට අණ කළැයි උරණ වී නායක හිමියන් මරන්න හදලා

බිම ඇමදීමට අණ කළැයි උරණ වී නායක හිමියන් මරන්න හදලා

වලගම්බා රජතුමා විසින් කරවන ලද ඓතිහාසික තම්මැන්නාගල විහාරයේ විහාරාධිපති හබරකඩ කුසලානන්ද නාහිමියන් පසු ගිය දින භික්ෂුවක විසින් පිහියෙන් ඇන මරා දැමීමට තැත්කර ඇත. මේ පිළිබඳ හම්බන්තොට පොලීසියට පැමිණිලි කර ඇතත් මාසයකට ආසන්න කාලයක් ගතවී ගියද ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැති බව උන් වහන්සේ කියා සිටී.

 


වයස අවුරුදු 43 ක පුද්ගලයෙක් මහණ කිරීම සඳහා ගම්පහ ප්‍රදේශයේ හිතවත් අයෙකු විසින් නායක හිමියන් ට භාරදී ඇති අතර ඉන් සතියකට පසු දිනක නායක හිමිගේ ගෝලයෙකු ලෙස ඔහුව පැවිදි කර තිබේ. ඉකුත් දින දහවල දාන ශාලාව පිරිසිදු කරන ලෙස පැවසීමත් සමග උරණ වූ මෙම ගෝල හිමිනම පිහියක් රැගෙන නායක හිමියන්ට පහර දීමට තැත් කරන විට උන්වහන්සේ දිව ගොස් පණ බේරාගෙන ඇත.


දූදරුවන් සිටින, ගංජා හා කුඩුවලට හසුව වසර 3 ක් බන්ධනාගාරගතව සිටි අයෙක් බවට සැකකරු හඳුනාගෙන ඇත. 

views

198 Views

Comments

arrow-up