තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගැන දැනුවත් කරන්න - තානාපති කාර්යාලය ඉල්ලයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පවසන්නේ, තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙසයි.
එමගින් ඇයට තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ඇය පවසා සිටී.
තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් පිළිබඳව සොයාබලන විට ආපදාවට ලක්වූ ප්‍රදේශයේ සිටි එක් අයෙකු පිළිබඳව පමණක් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව තානාපතිවරිය සඳහන් කළාය.
දැනට තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයින් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට සදහන් වන අතර තුර්කි ප්‍රදේශයේ සිටින 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තහවුරු වී තිබේ.
213 Views
Comments