මෙවර අයවැයෙන් පුද්ගලික අංශයට වාසි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

මෙවර අයවැයෙන් පුද්ගලික අංශයට වාසි

මෙවර අයවැයෙන් පුද්ගලික අංශයට වාසි

සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

2023 අයවැය කතාවේදී ජනාධිපතිවරයා විසින් අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

 

එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1980 අංක 46 දරන සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීම අවශ්‍යව පවතී.

 

එම නිසා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.


 

views

213 Views

Comments

arrow-up