ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කෙරේ

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීමට අදාල විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ අනුව නිෂ්පාදන වර්ග කිහිපයක් මෙරට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ජුනි මස 01 වනදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙලෙස තහනම් වනුයේ, එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි ඇතුළුව වරක් භාවිත කර ඉවතලන පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර) හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් වලින් නිර්මිත ඉඳිආප්ප වට්ටි වැනි දෑ ය.
218 Views
Comments