සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සමාජ ක්‍රියාකාරකයෙකු වන සේපාල් අමරසිංහ මහතා යළිත් වරක් පෙබරවාරි 21 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
ඒ සැකකරු අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
සිය සේවාදායකයා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා ගෙන් සමාව අයද සිටින බව දැනුම් දී ඇති බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නේ ය.
ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට ද ලිඛිතව දැනුම් දුන් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ තව දුරටත් කියා සිටියේ ය.
236 Views
Comments