මහනුවර හොටෙල් කාමරයක අයිස් ගැසූ තරුණියන් තිදෙනෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

මහනුවර හොටෙල් කාමරයක අයිස් ගැසූ තරුණියන් තිදෙනෙක් දැලේ

මහනුවර හොටෙල් කාමරයක අයිස් ගැසූ තරුණියන් තිදෙනෙක් දැලේ

හෝටල් කාමරයක් කුලියට ගෙන එහි අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටී සිටි තරුණියන් තිදෙනකු ලබන 10 වනදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

 

මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ හෝටල් කාමරයක් රුපියල් 3000ක මුදලක් ගෙවා කුලියට ගෙන මෙම තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව අනාවරණය වී තිබේ.

 

වයස අවුරුදු 25ත් 30ත් අතර වයසේ පසුවන මෙම තරුණියන් වටපුළුව, අම්පිටිය හා හැටන් ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව සඳහන්ය.

 

මෙම තිදෙනා  අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මෙම ස්ථානයට නිතර පැමිණෙන බවට ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී තරුණියන් තිදෙනා මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදීම අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසා සිටී. ඔවුන් සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරමින් සිට ඇති බවත් පොලිසිය තවදුරටත්  පවසයි.

views

245 Views

Comments

arrow-up