ඌරගස්මංහන්දියේ කැලෑවකින් මිනිස් ඇටකටු හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ඌරගස්මංහන්දියේ කැලෑවකින් මිනිස් ඇටකටු හමු වෙයි

ඌරගස්මංහන්දියේ කැලෑවකින් මිනිස් ඇටකටු හමු වෙයි

ඌරගස්මංහන්දිය පොලිසියට ලද තොරතුරක් මත ඌරගස්මංහන්දිය මැන්ඩොරාවල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් අසල ළඳු කැලෑවක තිබී දිරාපත් වූ මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් ඊයේ දහවල් සොයාගෙන තිබේ.

 

අසල පිහිටි කුරුඳු ඉඩමක කුරුඳු අතු කැපීමට ගිය පුද්ගලයකු එම හිස් කබල සහ අස්ථි කොටස් දැක ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් උරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

views

225 Views

Comments

arrow-up