ව්‍යාජ බලපත් පෙන්වා ඩ්‍රෝනයක් යැවූ තරුණයෙක් කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ව්‍යාජ බලපත් පෙන්වා ඩ්‍රෝනයක් යැවූ තරුණයෙක් කොටු වෙයි

ව්‍යාජ බලපත් පෙන්වා ඩ්‍රෝනයක් යැවූ තරුණයෙක් කොටු වෙයි

ව්‍යාජ ලේඛන පෙන්වා පොලීසිය නොමග යවමින්  ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කළ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොතටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මගින් නිකුත්කරන ආරක්ෂක නිෂ්කාශන සහතිකයක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කළ මෙම තරුණයා ගොතටුව ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි අයෙකි.

 

මෙම යානාව ගුවන්ගත කළ අවස්ථාවක දී පොලිසිය ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු මෙම ව්‍යාජ ලේඛන පෙන්වා පොලීසිය පවා නොමග යවා ඇති බවත් ඔහු ඩ්‍රෝන යානා නිතර ගුවන්ගත කරමින් විවිධ ඡායාරූප ගන්නා  බවත්,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 

අදාළ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත ඉකුත් 18 වැනිදා කළ විමර්ශනයේ දී ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කිරීම සඳහා ලබා ගත් බව කියන අවසර පත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන තිබෙන බව සඳහන් වේ.

views

200 Views

Comments

arrow-up