ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ලැප්ටොප් සොරකමක්

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය (country manager) රාජකාරි කටයුතු සඳහා පරිහරණය කරන ලැප්ටොප් පරිගණකය සමග ඩි.වි.ආර් යන්ත්‍ර සහ අන්තර්ජාල පහසුකම් ලබා ගන්නා (hub) කොටස ද සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම සොරකම පසුගිය 15 දින අළුයම් කාලයේදී වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් වීසා ලබාදීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව වාර්තා වේ.
කිරුළපන දෙස සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙන පුද්ගලයන් තිදෙනකු එම වීසා මධ්‍යස්ථානයේ ඉදිරිපස ගේට්ටු කඩා අනතුරුව මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී තෙවන මහල කරා ගොස් මෙම සොරකම සිදුකර ඇති බවත්, තෙවන මහලේ ප්‍රධාන නියෝජිතවරිය ගේ කාර්යාලය පිහිටා ඇති අතර ඒ සමගම තවත් ලැප්ටොප් පරිගණක හතරක් , රුපියල් ලක්ෂ 30 ක මුදලක් මෙන්ම අයිෆෝනයක් තිබී ඇතත් පැමිණි පුද්ගලයන් ඒවා කිසිවක් රැගෙන ගොස් නැති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
195 Views
Comments