දුම්රියේදී විදේශික යුවළකගේ ලැප්ටොප් ඉස්සු අයෙක් සොයා පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

දුම්රියේදී විදේශික යුවළකගේ ලැප්ටොප් ඉස්සු අයෙක් සොයා පරීක්ෂණ

දුම්රියේදී විදේශික යුවළකගේ  ලැප්ටොප් ඉස්සු අයෙක් සොයා පරීක්ෂණ

කොළඹ සිට මාතර බලා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියේ ගමන් ගත් රුසියන් ජාතික යුවළකගේ ලැප්ටොප් පරිඝනක දෙකක් අඩංගු ගමන් මලු දෙක සොරකම් කිරීම සම්බන්ධයෙන් ඊයේ  (27) ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි.



මෙම යුවළ  මරදාන සිට මාතර බලා ධාවනය වූ  දුම්රියෙන් කොළඹ සිට හික්කඩුව බලා ගමන් කර ඇති අතර ලැප්ටොප් දෙක අඩංගු ගමන් මලු දෙක දුම්රිය රාක්කයේ තබා අසුන්ගෙන සිට ඇතැයි පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
 


පානදුර දුම්රිය ස්ථානයට දුම්රිය ළගාවන විට දුම්රිය මැදිරිය තුළ දැඩි තදබදයක් හටගෙන ඇති අතර, එහිදී ඉදිරියෙන් සිටි  කළු පැහැති ටී ෂර්ට් එකක් ඇද සිටි පුද්ගලයකු ලැප්ටොප් දෙක අඩංගු ගමන් මලු දෙක රැගෙන ගොස් ඇති බවත්, ඔහු නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවත් පවසා ඇතැයි වාර්තාවේ.



මේ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුරට පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

views

232 Views

Comments

arrow-up