ඡන්දයට සල්ලි නෑ කියමින් ඇමතිවරුන්ට සැප වාහන ගෙනත්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ඡන්දයට සල්ලි නෑ කියමින් ඇමතිවරුන්ට සැප වාහන ගෙනත්

ඡන්දයට සල්ලි නෑ කියමින් ඇමතිවරුන්ට සැප වාහන ගෙනත්

ඇමතිවරුන්ට පරිහරණය කිරීමට සුඛෝපභෝගී වාහන 239 ක් ආනයනය කර ඇති බවට නිදහස් ජනතා සන්ධානය ආණ්ඩුවට චෝදනා කළේය.  මෙම වාහන මේ වනවිට වරායේ රඳවා ඇති බව වාර්තා වී ඇතැයිද, ඡන්දය පවත්වන්නට මුදල් නැති වුවත් මෙවැනි නාස්තිකාර දේවලට ආණ්ඩුවට මුදල් ඇති බවද එම සන්ධානය සඳහන් කළේය.

 

සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල වැඩි කර ඇමැතිවරුන් සුරසැප විඳින බවද ඇමැතිනියන්ට සැප විඳීම වෙනුවෙන් ජනතාව විදුලි බිල් ගෙවිය යුතු නැතැයිද මේ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසා සිටියේය.
 

views

231 Views

Comments

arrow-up