මහරගම අපේක්‍ෂා රෝහලේ ඖෂධ රැසක හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

මහරගම අපේක්‍ෂා රෝහලේ ඖෂධ රැසක හිඟයක්

මහරගම අපේක්‍ෂා රෝහලේ ඖෂධ රැසක හිඟයක්

මහරගම අපේක්‍ෂා රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් 15 ක පිළිකා රෝගීන්ගේ ජීවිත බරපතළ අවදානමකට ලක්ව ඇත්තේ, ලියුකේමියා රෝගීන්ට දිනපතා ලබාදෙන ‘ඉම්ටිනයිඩ්’ ඇතුළු පිළිකා ඖෂධ රැසක බරපතළ හිඟය හේතු කොටගෙන ය.

 

ඊයේ (13 දා) මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ, දිනපතා ලබාදිය යුතු ඖෂධ සහ නිශ්චිත කාලසටහනකට අනුව ලබාදිය යුතුව තිබෙන ඖෂධ රැසක් අවසන්වීම සහ හිඟවීම නිසා පිළිකා රෝගී ජීවිත දහස් ගණනක් දැඩි අවදානමක ඇති බවත්, දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර මත පමණක් මෙරට පිළිකා රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑම අති දුෂ්කර කාර්යයක් බවත් ය.

 

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, පිළිකා රෝගීන් සඳහා බහුලව භාවිත කෙරෙන සයික්ලොපොස්පමයිඩ්, එටපොසයිට්, බිලියෝ මයිසින්,සෙරඩාසිපැක්සිල්, කාබොප්ලැටීන්, සියප්ලැටීන්, ඔක්සප්ලැටීන්, මයිටොමයිසින්, ඩෙකා බාසින්, ප්ලෝරෝ, යුරුඩිල් සහ ඉම්ටිනයිඩ් වැනි ඖෂධ රැසක් මෙරට පිළිකා රෝහල්වල හිඟ වී ඇති බව හෝ අවසන් බව ය.

views

248 Views

Comments

arrow-up