රජයේ වාහනයක් අවභාවිත කළැයි සරණට නඩු

2006 වසරේ අගෝස්තු මස පළමු වන දා සිට 2007 වසරේ ජූලි මස 31 වන දා දක්වා කාලසීමාව තුළ ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි කාර්යාලීය වාහනයක් අවභාවිත කොට රජයට රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂ අසූ දහසකට ආසන්න මුදලක පාඩුවක් සිදු කරන ලදැයි අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අධි චෝදනා පත්‍ර භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ අද දින සිදු කෙරිණි.
චෝදනා පත්‍ර භාරදීමෙන් පසු විත්තිකාර සරණ ගුණවර්ධන මහතා රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කරන ලදී.
203 Views
Comments