FEB
07
තුර්කියට සහය වීමට ආපදා කණ්ඩායම් සූදානම් - විදේශ ඇමති කියයි

ඉංජිනේරු සහ වෛද්‍ය බලකායේ කණ්ඩායම් වලින් සමන්විත 300 ක හමුදා කණ්ඩායමක් තුර්කි රාජ්‍යය සහය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එරටට යැවීමට සූදානම් කර ඇති බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඊයේ තුර්කියේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.
තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය ලබා දීමට ඊයේ ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව මෙම කණ්ඩායම සූදානම් කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටී.
199 Views
Comments