FEB
07
ජීවිතයක් බිලි ගත් තණමල්විල අනතුර

දෙව්රම්වෙහෙර තණමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු තිස්සමහාරාම වැල්ලවාය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මිය ගොස් තිබේ.
ඊයේ රාත්‍රියේ තිස්සමහාරාමයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් නගරයේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සඳහන් කරයි. වෑන් රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව රිය පදවා ඇති බව අනාවරණය කර ගන්නා ලදී.
මෙම අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
213 Views
Comments