දුමින්ද ගේ සමාව රිවස් ද???

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විශේෂ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින්, සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතීඥ ගසලි හුසේන් මහතා විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද (07) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිත බව වාර්තා වේ.
200 Views
Comments