ගල්ගමුවේ රිය අනතුරකින් තරුණයෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

ගල්ගමුවේ රිය අනතුරකින් තරුණයෙක් මිය යයි

ගල්ගමුවේ රිය අනතුරකින් තරුණයෙක් මිය යයි

ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ක තරුණයෙකු ඊයේ රාත්‍රියේ අනුරාධපුර පාදෙණිය මාර්ගයේදී අනතුරකට ලක් වීමෙන් මිය ගොස් තිබේ.

 

පාදෙණිය සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, කාර්මික දෝශයක් හේතුවෙන් මාර්ගයේ අයිනක නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

 

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දී මිය ගිය බව වාර්තා වේ.

 

අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ගල්ගමුව පොලිසිය විසින් සිදු කෙරේ.

views

242 Views

Comments

arrow-up