FEB
14
නගරයට යාමට පාලමක් නැති ගම්වැසියෝ

ඇල මාර්ගයක් ඔස්සේ සිය ගමනාගමන පහසුකම් සපයා ගන්නා ගම්වාසීන් පිරිසක් පිළිබඳ පුවතක් මන්නාරම මඩුක්කරේ ප්‍රදේශයෙන් වාර්තා වනවා .
පවුල් 123 කට අයත් පුද්ගලයන් 487දෙනකු සිටින මෙම ගම්මානය මල්වතු ඔයේ අතු ගංගාවක් වන අරුචි ගංගාව නිසා කොටස් දෙකකට බෙදී ඇති මුත් එගොඩ හා මෙගොඩ යාමට පාලමක් මෙතෙක් සකස් වී නැහැ.
මෙමගින් දැඩි ලෙස පීඩාවට පත්වී ඇති ගම්වැසියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නගරයට යාමට අවස්ථාවක් සැලසෙන පරිදි පාලමක් ඉදිකර දෙන ලෙසයි.
221 Views
Comments