ජුනි 05 වැනිදාට කල් ගිය හිරුණිකා ගේ නඩුව

කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල ඇතුළු 15 දෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මහජන පීඩාවක් වන පරිදි හා නිසි අවසරයකින් තොරව කොළඹ නිදහස් චතුරස්රයේ සිට විරෝධතා පාගමනක නිරත වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ලබන ජුනි 5 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (13 දා) නියෝග කළේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ලක්මාල් මහතා කියා සිටියේ, පසුගිය නොවැම්බර් 14 වැනිදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ට පොලිසිය විසින් මේ දක්වා චෝදනා පත්‍රයක් ගොනුකර නොමැති බවත් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට පොලිසිය අපේක්ෂා කරන්නේ නම් බී වාර්තාවක් මගින් ඉදිරිපත් කර ඇති තොරතුරු ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවක් පවතින බවත් ය.
197 Views
Comments