හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වලට විශේෂ නිවේදනයක්

බත්තරමුල්ල ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මාර්තු පළමු වැනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය බවයි.
කොළඹ නගරය ආශ්‍රිතව පවතින වාහන තදබදය හේතුවෙන් මගී ජනතාව හා වාහන හිමියන් දීර්ඝ කාලයක් තිස්සේ අපහසුතාවයන් රැසකට මුහුණ දී සිටින අතර මෙම තදබදය වැළැක්වීම, මගීන්ගේ හා රථ වාහන වල ආරක්ෂාව තහවුරු කිරීම, පරිසර දූෂණය වැළැක්වීම, ඉන්ධන පිරිමැස්මක් ඇති කිරීම, මාර්ග හා බැඳුණු විනය පවත්වාගෙන යෑම ඇතුළු කරුණු රැසක් අරමුණු කරගනිමින් ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වතුන්ගේ අදහස් හා පර්යේෂණ සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රවාහන සැලැස්මට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එක් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
207 Views
Comments