ලොරි රථයකට යට වී කාන්තාවක් මිය යයි

ලොරි රථයකට යට වී බරපතළ තුවාල ලැබූ කාන්තාවක් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ ඒ ඊයේ (20) නවගමුව සුදවිල ප්‍රදේශයේදීය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකි. ඇය අනතුරට පත් ලොරි රථයේ රියදුරු ඇගේ බෑනාය.
ඊයේ උදෑසන මෙම කාන්තාවට කෑම පාර්සලයක් ලබා දීමට බෑනා ලොරි රථයෙන් පැමිණ ඇති අතර ඔහු ලොරි රථයේ සිටම කෑම පාර්සලය ලබාදී ඉදිරියට ධාවනය කර තිබේ.
එහිදී කෑම පාර්සලය ලබාගෙන මාර්ගයේ ඉදිරියට ගමන් කර ඇති කාන්තාව මාර්ගයේ පය පැටලී වැටි එම රථයේ ඉදිරිපස රෝදයට යටවී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථය පැදවූ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
209 Views
Comments