පුද්ගල ඝාතන තුනකට සැක ජෝන් කොල්ලා මීටියාගොඩ දී දැලේ

මීටියාගොඩ මැටිවල ප්‍රදේශයේ දී ඊයේ සිදුකළ වැටලීමක දී පුද්ගල ඝාතන තුනකට චෝදනා එල්ල වී සැඟව සිටි ජෝන් කොල්ලා නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගිනි අවියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මැටිවල ප්‍රදේශයේදී පසුගිය 10 වනදා ඥාතීන් අතර ඇතිවූ ගැටුමකින් පසු සිදු වූ වෙඩි තැබීමකට ද මෙම පුද්ගලයා සම්බන්ධ වී ඇති බව පොලිසිය කියා සිටී.
කෙසේ වෙතත් එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ඊට අදාළව සිදු කරන ලද විමර්ශනවලදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මොහුට එරෙහිව එරෙහිව පුද්ගල ඝාතන චෝදනා තුනක් එල්ල වී ඇති බවයි.
211 Views
Comments