සැකකරුවෙක් පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිසියේ 04ක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටී.
මෙම සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබේ.
පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා තිබී ඇත.
222 Views
Comments