ණය ගෙවාගත නොහැකිව කාන්තාවන් 120 ක් පසුගිය වසරේ සිය දිවි නසාගෙන
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ණය ගෙවාගත නොහැකිව කාන්තාවන් 120 ක් පසුගිය වසරේ සිය දිවි නසාගෙන

ණය ගෙවාගත නොහැකිව කාන්තාවන් 120 ක්  පසුගිය වසරේ සිය දිවි නසාගෙන

පසුගිය වසර කිහිපයේ දී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් 120 කට  ආසන්න පිරිසක් සියදිවි නසාගෙන තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසා සිටී.


 
තවද, බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්
70% ක පමණ ඉතා අධික වාර්ෂික පොලියක් අය කරන බවද ඔහු පෙන්වා දෙයි. ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවී සිටින, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් කිසියම් සහන වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස ඒ මහතා රජයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා සිටී.

 

සමහර කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන්ගේ අතවර සහ වෙනත් හිරිහැර වලට ලක්වීම වැඩිවන තත්වයක්ද පෙනෙන්නට ඇතැයි හෙතෙම සඳහන් කරන අතර විධිමත් නියාමනයකට හෝ පාලනයකට ලක් නොවූ බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටේ ජනතාව දැවැන්ත ලෙස සහ සූක්ෂම ආකාරයෙන් සූරා කමින් සිටින බවත්, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර පොලීසියේද සහය ලබාගෙන සුදුසු ක්‍රියාමාර්ග නොපමාව ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ගාමිණී වලේබොඩ මහතා ප්‍රකාශ කර සිටී.

views

249 Views

Comments

arrow-up