පොලිසිය තුළ සිරුරට ගිනි තබා ගත් අයෙක් රෝහලේ

සිය සිරුරට ගිනි දල්වා ගෙන තම බිරිඳව ද බදාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු දැඩි පරිශ්‍රමයක් දරා වළක්වාලීමට පොලිස් නිලධාරීන් ඊයේ (18) සවස සමත් වී ඇත. ඒ මිරිහාන පොලිසිය තුළදීය.
මිරිහාන මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය තුළ මෙම සිද්ධිය වී ඇති අතර එම පුද්ගලයා විසින් බිරිඳට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඒ අසල සිටි ඔහුගේ බිරිඳ බදා ගැනීමට උත්සාහ ගැනීමත් සමගම කාන්තාව දුවගොස් දිවි බේරාගෙන තිබේ.
ඒ සමගම එහි සිටි පොලිස් නිලධාරීන් එම කාන්තාව පසුපස හඹා යමින් සිටි එම පුද්ගලයා අල්ලාගෙන ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබු නුගේගොඩ පදිංචි 34 හැවිරිදි එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
308 Views
Comments