මැතිවරණයට පවතින බාධා ගැන විශේෂ අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

මැතිවරණයට පවතින බාධා ගැන විශේෂ අවධානය

මැතිවරණයට පවතින බාධා ගැන විශේෂ අවධානය

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසන්නේ, පළාත් පාලන ඡන්ද විමසීමට පවතින බාධා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

 

මැතිවරණයට අදාළ බාධා කිරීම් සම්බන්ධ සිද්ධීන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මැතිවරණ කොමිසමට ලැබී ඇත.

 

එම කොමිසම සඳහන් කළේ දේශපාලන අධිකාරියෙන් මෙන්ම ඇතැම් සංවිධාන වලින් ද මෙම බලපෑම් එල්ලවී ඇති බව යි.

 

ඊයේ (11) දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

 

මේ අතර එළඹෙන අඟහරුවාදා දිනයේ දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

මෙම සාකච්ඡාව එදින උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතය.

 

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ නිලධාරීන් නාමයෝජනා භාරදීමෙන් අනතුරුව හමුවන දෙවන අවස්ථාව මෙය වේ.

 

මේ දක්වා මැතිවරණ ක්‍රියාවලිය සාමාන්‍ය මට්ටමක සිදු කෙරුණ ද මැතිවරණ නීති රීති කඩ කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 80 ක් පමණ ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ට්ආරච්චි මහතා සඳහන් කළේය.

views

249 Views

Comments

arrow-up