බිත්තර ආනයනය ලබන සතියේ සිට ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

බිත්තර ආනයනය ලබන සතියේ සිට ඇරඹේ

බිත්තර ආනයනය ලබන සතියේ සිට ඇරඹේ

ශ්‍රී ලංකාවේ මාසික බිත්තර අවශ්‍යතාවය මිලියන 250 ක් පමණ වන අතර රටේ වාර්ෂික බිත්තර අවශ්‍යතාවය මිලියන 2990 ක් වේ. එහෙත්, මේ වනවිට බිත්තර සැපයුම මිලියන 30 ක් දක්වා පහත වැටී තිබේ.

 

බිත්තර නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වයට හේතුව සත්ත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂිකව අවශ්‍ය වන මව් සතුන් ආනයනය අවම වී තිබීම බවයි.

 

මේ වන විටත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට හා පුද්ගලික අංශයේ ආයතනවලට අභිජනනය කරන ලද බිත්තර ආනයනය කිරීම පැවරීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් ය.

 

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ඉදිරි සතිය ඇතුළත බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

views

259 Views

Comments

arrow-up