බුත්තල - වැල්ලවාය භූ කම්පනය ගැන ස්ථානීය පරීක්ෂණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

බුත්තල - වැල්ලවාය භූ කම්පනය ගැන ස්ථානීය පරීක්ෂණය අද

බුත්තල - වැල්ලවාය භූ කම්පනය ගැන ස්ථානීය පරීක්ෂණය අද

අද (12) දින, දෙවැනි දිනටත් වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වූ සුළු භූ කම්පන තත්වය පිළිබඳ ස්ථානීය පරීක්ෂණ සිදු කෙරේ. එය සිදු කෙරෙන්නේ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් අංශයේ නිලධාරී කණ්ඩායමක් විසිනි.

 

වැල්ලවාය, බුත්තල ඇතුළු ප්‍රදේශවලින් භූ කම්පන 3 ක් ඊයේ (11) සහ පෙරේදා (10) වාර්තා විය.

 

ස්ථානීය පරීක්ෂණ අදින් අවසන් කරන බව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මිය සඳහන් කළාය.

 

ඇය සඳහන් කළේ, ඊට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහය ලැබී ඇති බවයි.

 

නිල්මිණී තල්දෙන මහත්මිය පවසන්නේ, හෙට දින භූ කම්පන සම්බන්ධයෙන් කළ නිරීක්ෂණවල ප්‍රතිඵල ඇතුළත් වාර්තාව නිකුත් කරන බවයි.

views

266 Views

Comments

arrow-up