අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් සඳහා පාලන මිලක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ, හඳුනාගත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව තමන් වෙත භාරදෙන ලෙස උපදෙස් දී ඇති බවයි. එලෙස පාලන මිලක් දියවැඩියාව, හෘද රෝග ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සඳහා හඳුන්වාදීමට නියමිතය. තවදුරටත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, වෙළෙඳ පොලේ පවතින ඖෂධ මිල ගණන් ඉහළ යාම සැළකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බවයි.
230 Views
Comments