පාදෙණියගේ බිරිඳට සීසර් සැත්කම කරලා තියෙන්නේ “වඳ” දොස්තර සාෆි - මන්ත්‍රී නලීන් බණ්ඩාර

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වන දොස්තර අනුරුද්ධ පාදෙනියගේ බිරිඳ දෙවන දරුවා ලැබීමට සිසේරියන් සැත්කමට භාජනය කර තිබෙන්නේ ද වෛද්‍ය සාෆී සහාබ්දීන් බව දැන ගන්නට ලැබෙන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කරයි.
ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප‍්‍රකාශ කළේය.
වෛද්‍ය සාෆී සහාබ්දීන්ට එරෙහිව නැවතත් කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා පැවසීය.
අනිවාර්ය නිවාඩු යවා සිටින වෛද්‍ය සාෆීට හිඟ වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිසම් සභාව නියෝග කර ඇත.
රාජ්‍ය සේවා කොමිසම් එසේ නියෝග කිරීමත් සමඟ නැවත් ආණ්ඩුවේ සමහර පිරිස් කලබල වී සාෆි දඩයම් කිරීමට නැවතත් උත්සාහ කරන බව පෙනෙන්නට ඇතැයි ඔහු කියා සිටියේය.
753 Views
Comments